ඔස්කාර් (Oscar) සම්මාන ඉතිහාසයේ හොඳම සිනමාකරණය (Best Cinematography) සඳහා වන සම්මානය දිනාගත් ප්‍රථම කාන්තාව වීමට Autumn Durald Arkapaw සමත් වී තිබෙනවා.
“Sinners” චිත්‍රපටය වෙනුවෙන් සිදුකළ විශිෂ්ට කැමරාකරණය උදෙසා ඇය මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
එම චිත්‍රපටයේ පැවති දෘශ්‍ය ප්‍රයෝග සහ ආලෝකකරණ රටාවන් විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක් වූ අතර එහි ඇති අඳුරු සහ ගුප්ත ස්වභාවය (Gothic feel) ඉතා තාත්වික ලෙස තිරයට ගෙන ඒමට ඇය සමත් වූවා.
මීට පෙර ඇය Marvel සමාගමේ “Loki” රූපවාහිනී කතා මාලාව සහ “Black Panther: Wakanda Forever” වැනි දැවැන්ත නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා දී ඇත.
98 වන ඔස්කාර් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

