ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට

ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (16) මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ. රාජකරුණා මහතා පවසනවා.

මෙම නෞකාවට අමතරව මෙම මාසය තුළ සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් තවත් ඉන්ධන නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති අතර එම ඉන්ධන තොග ගොඩබාන අවස්ථාවේදී පවතින මිල ගණන් අනුව ලබා ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.