ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර තිබෙනවා.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම් අඩාල වීම නිසා ඇතිවන පීඩනය අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
මෙම තීරණයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ බොරතෙල් මිලෙහි යම් අඩුවීමක් හෝ ස්ථාවර භාවයක් අපේක්ෂා කළ හැකි බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.

