කෙත්හේන සිට කළුතර දක්වා ප්රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව වස්කඩුව, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, නාගොඩ, කටුකුරුන්ද සහ බෝම්බුවල ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත.
හෙට (16) පෙ.ව. 10.00 පමණ වනවිට මෙය යථාවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි මණ්ඩලය සඳහන් කරන්නේ.
‘1939’ කෙටි දුරකතන අංකය ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

