ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එහි සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බවයි.

ඊට අමතරව මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිත ද බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

අදාළ සියළු නෞකා ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පැමිණෙනවා.