දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (14) දිනයේදීත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතිනු ඇත.
මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවට දැනුම් දෙනවා.

