කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 295.57කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ගනුදෙනු අවසානයේ එය ඒකක 21,692.55ක් ලෙස සටහන්ව තිබෙනවා.

අද දිනයේ එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2 ක්.