හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් මුහුදු බිම්බෝම්බ අතුලන නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (US Central Command – CENTCOM) නිවේදනය කරනවා.
මෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය විසින් මෙම තීරණාත්මක මුහුදු මාර්ගයේ කිසියම් හෝ බිම්බෝම්බයක් අතුරා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවයි.
එසේ නොකළහොත් ඉතිහාසයේ කවරදාවත් නොදුටු විරූ දැඩි හමුදාමය ප්‍රතිවිපාකවලට ඉරානයට මුහුණ දීමට සිදුවන බවට ඔහු දැඩිව අනතුරු අඟවා තිබෙනවා.
ගැටුම ආරම්භ වුණ පසුගිය පෙබරවාරි 28 වන දා සිට මේ දක්වා කාලය තුළ ඉරාන නෞකා 40කට අධික ප්‍රමාණයක් අමෙරිකාව විසින් ගිල්වා දමා තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ දෛනික ඛනිජ තෙල් පරිභෝජනයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන ඉතා වැදගත් මුහුදු මාර්ගයක් වනවා.
මේ වන විට එම කලාපයේ නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇත.

