ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ  සිදු කළ ප්‍රකාශය මිට හේතු වී ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා පහළ ගොස් ඇත. එය 8%ක අඩුවීමකි.