මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් සිව් දෙනාම මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බැලීම් සිදු කරන බව ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

