බොරතෙල් රැගත් නෞකාවක් ලබන 11 දිවයිනට

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි සහතික කර තිබෙනවා.

මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන ආනනයනය සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි එහි සභාපති ඩී. ඒ. රාජකරුණා පැවසුවේ.

එසේම බොරතෙල් මෙට්‍රික් ටොන් 90 000 ක් රැගත් නෞකාවක් ලබන 11 වෙනිදා දිවයිනට පැමිණිමට නියමිත බවත් සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.

එම නෞකාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ෆූජේරා සිට ඊයේ (04) රාත්‍රියේ මෙරටට පැමිණිම සඳහා ගමන් ආරම්භ කර ඇත.