ඊශ්‍රායලයෙන් ඉරානයට නව ප්‍රහාර රැල්ලක්

ඉරානයට එරෙහිව නව ප්‍රහාර රැල්ලක් ඊශ්‍රායලය විසින් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුව ඇති අතර ඒවා හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශ ද ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති බවයි BBC වාර්තා කරන්නේ.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් ඩොනල්ඩ් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසුවේ “ඉරානයේ සියල්ල විනාශ වී ඇත” යනුවෙනි.

සෙනසුරාදා හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඉරානයේ ඉලක්ක 2,000 කට වඩා පහර දුන් බව ට්‍රම්ප් පවසනවා.

මේ වන විට ඉරානයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම තවත් පුද්ගලයන් 5,500කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එසේම තම ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සෞදි අරාබිය පවසනවා.

ඉරානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන විට මිත්‍ර රටවලට සහාය වීම සඳහා තම සියලු බලය උපයෝගී කර ගන්නා බවටයි සෞදි පුවත්පත් ඒජන්සිය බාහිර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.