ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගයට සහභාගී වන කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් සිය අවසන් පුහුණු සැසිවලට ඊයේ (03) රාත්‍රියේ සහභාගී වුණා.