කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමක්

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) අද (03) ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම ඒකක පහත වැටීම අද වාර්තාකර තිබෙනවා.

ඒ අනුව අද සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,290.68 කින් (5.44%) ලෙසින් පහළ ගිය අතර, දිනය අවසානයේ එය ඒකක 22,443.38 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර අද සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.56 ක් ලෙස දැක්වුණා.