එක්සත් ජනපදය සහ ඊශ්රායලය විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්රහාරවලට ප්රතිප්රහාර ලෙස ඉරානය විසින් ඉරාකය ඇතුළු රටවල් කිහිපයක ඇති ඇමරිකානු හමුදා කඳවුරු වලට ප්රහාර මාලාවක් දියත් කරනු ලැබුවා.
ඉරානය සඳහන් කරන්නේ අද දිනයේ ද ඔවුන් මින් පෙර භාවිතා නොකළ තාක්ෂණයන් භාවිතා කරමින් ප්රබල ප්රහාර එල්ල කරන බවයි.
කෙසේවෙතත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවා ඇත්තේ යම් හෙයකින් ඉරානය එලෙස දරුණු ප්රහාර එල්ල කළහොත් තමාද පෙර නොකළ ආකාරයේ බලයකින් පහර දෙන බවයි.

