මැදපෙරදිග යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 72 .87ක් ලෙස සටහන් වුණා.

එසේම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67.02ක් ලෙසයි.