මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.
එසේම නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසයි හදිසි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ.
සෞදි අරාබි රාජධානියේ අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් මෙන්ම රියාද්හි ශ්‍රී ලංකා තානාපති සහ ජෙඩාහි කොන්සල් ජනරල් කාර්යාල විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.
අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසත් ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදුකර තිබේ.
එසේම සියලු ගමන් ලේඛන සහ හඳුනාගැනීමේ ලේඛන පහසුවෙන් ලබාගත හැකි ලෙස තබාගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැපයීම සඳහා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංක හඳුන්වාදී ඇත.
ඒ අනුව +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.
+966 56 975 3380 යන අංකය හරහා Whatsapp හෝ IMO පණිවුඩ සඳහා භාවිත කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
slemb.riyadh@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.

