මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ

මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකට එල්ල වී ඇති මිසයිල ප්‍රහාර සහ පවතින දැඩි නොසන්සුන්තාවය හමුවේ, එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ අමාත්‍යාංශය මේ වන විටත් අඛණ්ඩව සහ සමීපව සම්බන්ධ වෙමින් පවතින බවයි විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ.

කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව මිනිත්තුවෙන් මිනිත්තුව නිරීක්ෂණය කරන ලෙස සියලුම දූත මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇති බවත් එම අමාත්‍යංශය පවසනවා.

මේ අතර, මැදපෙරදිග වෙසන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය +94 71 980 2822 යන දුරකථන අංකයට WhatsApp හරහා ප්‍රවේශ විය හැකි ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.