රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.69 සිට රු. 305.58 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 313.20 සිට රු. 313.09 දක්වා පහත වැටී ඇත.