කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දිනය අවසානයේ ඒකක 96.43 කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ ඒකක 23,773.64 ක් ලෙස සටහන් වුණා.

එසේම අද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් වනවා.