රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 10) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.72 සිට රුපියල් 305.76 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 313.26 සිට රුපියල් 313.29 දක්වා ඉහළ ගොස් තිබේ.