අද සිට ක්රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
කිලෝග්රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වනවා.
එසේම කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වෙයි.

