ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වනවා.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වෙයි.