GovPay හරහා 46,635ක් දඩ ගෙවයි

රජය විසින් හඳුන්වා දී ඇති “GovPay” යෙදුම හරහා 2025 වසරේ දී රියදුරන් 40,000 කට වැඩි පිරිසක් දඩ මුදල් ගෙවා ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, “GovPay” යෙදුම හරහා රියදුරන් 46,635 දෙනෙකු දඩ මුදල ගෙවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.

මෙහි දී දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබට රියදුරු බලපත්‍රය ලබාගත හැකියි.

එසේම අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකියි බවයි ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.