GMOA වර්ජනය අදත්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් (27) ක්‍රියාත්මක වනවා.

ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගිය 23 වන දා පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

එය පෙරේදා උදෑසන 08.00ට අවසන් වූ අතර, අනතුරුව රෝහල් තුළ දෛනික ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා.‍

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් ලිඛිතව එකඟ වූ යෝජනා නිසි පරිදි ක්‍ර්‍රිියාත්මක කිරීමට අපොහොසත් වූ බවට පවසමින් යළි ඊයේ පෙරවරු 08.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් කිරීම, රෝහල් තුළ සිදුකරගත නොහැකි රසායනාගාර සේවා බාහිර ස්ථානවලින් සිදුකර ගැනීමට අදාළ නිර්දේශ නිකුත් කිරීමෙන් ද ඔවුන් වැළකී සිටිනවා.