මහ කන්නයේ වී මිළදී ගැනීම මේ සතියේ සිට

මහ කන්නයේ වී මිළදී ගැනීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.

ඒ අනුව රජයේ සහතික මිල වන සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 140කටත්, නිඩු වී කිලෝවක් රුපියල් 120කටත් මිලදී ගැනීමටයි නියමිතයි.

මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.