සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ලබන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

