රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මෙලෙස මැයි මස 30 වැනිදා වෙසක් රාජ්‍ය උත්සය පැවැත්වීමට එකඟතාව පළකර ඇත.