යුක්රේනයට එල්ල වුණු නවතම රුසියානු ප්‍රහාර මාලාවකින් එරට පුද්ගලයන් 23 දෙනෙක් තුවාල ලබා එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නැවත ආරම්භ වීමට නියමිත පසුබිමකයි මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ.
මෙම ප්‍රහාරයෙන් නගරයේ යටිතල පහසුකම් වලටද සැලකිය යුතු හානියක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියානුවන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ බලශක්ති යටිතල පහසුකම් බවයි ප්‍රහාරවලින් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කළේ.
2022 දී ක්‍රෙම්ලිනය තම අසල්වැසියා පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු පළමු ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා සඳහා රුසියාව, යුක්රේනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නියෝජිතයින් අබුඩාබි හි රැස්ව සිටිනවා.
මේ අතර ගෝලීය ගැටුම් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ සංවිධානයක් වන ‘සාම මණ්ඩලයට’ සම්බන්ධ වීමට පුටින් කළ ආරාධනය පිළිගෙන ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මෙය තවමත් පුටින් විසින් නිල වශයෙන් තහවුරු කර නැහැ.

