කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI), වෙළෙඳපොළ ඉතිහාසයේ ප්රථම වරට අද (23) ඒකක 24,000 සීමාව ආසන්නයට ළඟා වී තිබෙනවා.
අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය අද (23) (ASPI) ඒකක 142.74කින් (0.60%) ඉහළ ගොස් ඒකක 23,956.51ක් ලෙස සටහන් වුණා.
එසේම වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.5ක් ලෙසයි වාර්තා වුණේ.

