මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව – ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙනවිත් තිබියදී පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනකු සොයා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අද අලුයම මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 26, 27, 31,36 සහ 52 ක රැඳවියන් 05 දෙනෙකුයි. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කළා.
ඔවුන්ගේ අනන්‍යතාවයද පොලිසිය විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වන දඹල්ලගේ බුද්ධික විමලරත්න / වෙන්නප්පුව නැගෙනහිර වාඩියේ පදිංචි වයස අවුරුදු 27 ක් වන මද්දුමරාලලාගේ කවිඳු මධුශාන් / මාරවිල පරුෂ පාරේ පදිංචි වයස අවුරුදු 26 ක් වනහරිත කැලුම් අප්පුහාමි / වයික්කාල අංගම්පිටියේ පදිංචි වයස අවුරුදු 52 ක් වනනිමල් වසන්ත නොහොත් ගැටයා සහ බොරළැස්ස ජයමාවත පාරේ පදිංචි වයස අවුරුදු 36 ක් වන සුමිත් පුෂ්පකුමාර යන අයයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන්ද මොවුන් අල්ලා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙම පිරිස පිළිබඳ තොරතුරක් වෙතොත් 071 859 12 33 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය හැකියි.
පසුගිය මාස 03 ක කාලය තුළ මේ අයුරින් පළාගොස් ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13 ක් වන අතර ඉන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවටද අනාවරණ වී තිබෙනවා.

