ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇත.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන මෙරට වෙළඳපොලේ රත්රන් මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බවයි වාර්තා වෙන්නේ.

