ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ ප්‍රකාශයට පත් කරන ලද නව තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් Bitcoin එකක අගය ඩොලර් 93,000 සීමාවෙන් පහළට වැටී තිබෙනවා.
ඒ අනුව ඩොලර් 95,500ක්ව පැවති බිට්කොයින් අගය ඉතා කෙටි කාලයක් තුළ ඩොලර් 91,935 දක්වා පහත වැටි තිබෙනවා.
ජනවාරි 18 වනදා අග භාගයේ සිට ජනවාරි 19 වනදා උදෑසන දක්වා මෙම හදිසි කඩාවැටීම සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් cripto ගනුදෙනුකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
එසේම මෙලෙස Bitcoin අගය පහළ යෑම හේතුවෙන් ඩොලර් මිලියන 680කට අධික වටිනාකමින් යුත් ‘Long Positions’ ඈවර කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර , ක්‍රිප්ටෝ වෙළඳපොළේ මෙම අස්ථාවරත්වය මධ්‍යයේ රන් සහ රිදී මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

