ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබෙනවා.
නව සංශෝධනයන් ඇතුලත් දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවා ගැනීමේ පටිපාටියේ පිටපත් 05, රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම ප්රමාද කිරීම හා එම බඳවා ගැනීමේ පටිපාටියට අදාළ අන්තකාලීන විධිවිධාන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්රමාද කිරීම හේතුවෙන් මෙම ක්ෂණික වෘත්තීය ක්රියාමාර්ගයට අවතීර්ණය වීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කරන්නේ.
අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් වෙත පසුගිය 09 වනදා ලිඛිතව දැනුවත් කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් මේ දක්වා ඊට අදාළ විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එළැඹෙන 23 වනදායින් පසුව වෘත්තීය ක්රියාමාර්ගයකට යොමු වන බවට දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරනවා.
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් යොමුකළ සම්පූර්ණ නිවේදනය පහතින්,



