ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මෙය එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ සිදු වී ඇත.
කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් මෙම කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

