රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්ය පරිපාලන අමාත්යංශය විසින් විශේෂ චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ රාමසාන් උත්සවය පැවැත්වෙන පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙසයි.
එම කාලසීමාව තුළ, අලුයම 3.30 සිට උදෑසන 6 දක්වාත්, හවස 3.15 සිට හවස 4.15 දක්වාත්, හවස 6 සිට රාත්රී 7 දක්වාත්, රාත්රී 7.30 සිට රාත්රී 10.30 දක්වාත් එම නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩ මුර සකස් කර දිය යුතු වනවා.
එසේම නොවැලැක්විය හැකි අවස්ථාවල විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවද අදාල චක්රලේඛයේ සඳහන්.
එසේම රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්ය සේවයේ සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දිය යුතු බවද රාජ්ය පරිපාලන අමාත්යංශය සඳහන් කළා.

