Starlink අඩි 35,000ක් උඩු ගුවනේ සිට 366 Mbps වේගයක් අත්කර ගනී

අඩි 35,000ක් ඉහළින් පියාසර කරන අතරතුර, SpaceX Starlink තෙවන පරම්පරාවේ (Gen 3) චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සිදු කළ සාර්ථක අන්තර්ජාල වේග පරීක්ෂාවක (Speed Test) ප්‍රතිඵල Elon Musk විසින් සිය X ගිණුමේ බෙදා ගෙන තිබෙනවා.

එයට අනුව ගුවන් යානය තුළ සිට 366 Mbps ක ඉහළ බාගත කිරීමේ වේගයක් (Download speed) සහ 113 ms ක Ping අගයක් වාර්තා කිරීමට Starlink සමත් වී තිබෙනවා.

මෙම ප්‍රතිඵලත් සමඟ Gogo වැනි දැනට පවතින සාම්ප්‍රදායික ගුවන් ගමන් WiFi සේවාවන් සහ Starlink අතර ඇති තාක්ෂණික පරතරය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා.

එසේම මෙම වේගවත් අන්තර්ජාල පහසුකම ඩෙල්ටා (Delta) සහ ඇමරිකානු (American) ගුවන් සේවාවන් වෙත ලබා දෙන්නේද යන්න පිළිබඳව බොහෝ දෙනා උනන්දුවෙන් විමසීම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.