දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු වර්ෂාවෙන් සිදුවූ නායයෑම්වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34% ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.
අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවේ මේ බව සඳහන් කර තිබෙනවා.
පරිසර අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා තමන්ට භාර දුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එසේම ආපාදාවලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7 ක පරිසර පද්ධතිවලට ද හානි වී ඇති බව එම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
ආපදාවලින් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳවද අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බව සඳහන්.

