ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි ආරම්භ වීමට නියමිතයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

‘ තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක්’ යන්න මෙම වැඩසටහනේ තේමාවයි.

මේ යටතේ යුද්ධය නිසා නිවාස අහිමි වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් 2,500ක් ඇතුළුව රට පුරා වෙසෙන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 31,318 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

නැවත පදිංචි කිරීම යටතේ උතුරු නැඟෙනහිර ඉදිවෙන නිවාස 2500 සඳහා එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 5000ක් වෙන්කර වැය කිරීමට නියමිතය.