කිරි තේ මිල රුපියල් 10කින් පහළට

කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට දිනයේ සිට මෙම අඩුකිරීම ක්‍රියාත්මක වනු ඇත.

ආනයනික කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් ඊයේ දිනයේ අඩුකරනු ලැබුවා