2026 වසරට අදාලව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක් වනවා.
වෙළඳපොළ තුළ වාහන පිරී පවතින බැවින් 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී වාහන ආනයනය අඩුවනු ඇතැයි අපේක්ෂා කිරීම මිට හේතුව බවයි පෙන්වා දී ඇත්තේ.
මේ අතර 2025 දෙසැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 2,540.3ක සම්පූර්ණ ආදායමක් එකතු කර ඇති අතර, එය මීට පෙර පැවති රුපියල් බිලියන 1,500ක පැවති ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලීමක්.
දෙසැම්බර් 30 වැනිදා පමණක් රුපියල් බිලියන 20ක ආදායමක් රේගුව උපයා තිබෙනවා.

