2025 වසරේ සංචාරක ආදායම ඩොලර් බිලියන 3.2 ක්

2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් උපයා ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් ඇති කරමින් එක් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූ වැඩිම අගය පසුගියදා වාර්තා වුණා.

ඒ පසුගිය (29) වැනිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි 2,333,797 වැනි සංචාරකයාගේ පැමිණීම සමඟින්.