දෙසැම්බර් උද්ධමනයේ වෙනසක් නැහැ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී උද්ධමනය 2.1%ක් ලෙස දැක්වුණු අතර දෙසැම්බර් මාසයේදී ද එය 2.01%ක් ලෙස නොවෙනස්ව පවතිනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම නිසා උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් නොවැම්බර් සහ දෙසැම්බර් සංසදනය කිරීමේදී දෙසැම්බර් මාසයේදී ආහාර නොවන ඛණ්ඩයේ උද්ධමනය දශම එකකින් ඉහළ ගොස්, 1.08%ක් ලෙස සඳහන් වනවා.