පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක්

පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා .

පේරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ මෙම කම්පනය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ භූමියෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින්ය.

මෙම භූකම්පනයෙන් මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.