ගමට ගිය අයට කොළඹ එන්නත් විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට, කොළඹට පැමිණීම සඳහා අද (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ සූදානම් කර ඇති බවය.

යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරනවා.

මේ අතර කොළඹ කොටුව-කන්කසන්තුරෙයි  නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද දිනයේ ධාවනයට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.

මාතර දුම්රිය ස්ථානයෙන් හෙට අළුයම 5ට  කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.