ජනවාරි 01 සිට මහනුවර පදික වෙළඳාම තහනම්

මහනුවර නගර සීමාවේ පදික වෙළෙඳාම ලබන ජනවාරි 01 දා සිට තහනම් කරන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසනවා.

සභා තීරණය ගැනීමෙන් පසු පදික වෙළෙඳුන්ට ඉවත්වීම සඳහා මාස හයක කාලයක් ලබා දුන් බවත් ඒ අනුව එම කාලය මෙම මස 31දායින් අවසන් වන බවත් නගරාධිපතිවරයා පැවසුවා.

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට සහ දළදා වීදියේ අනවසර වෙළඳාම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ නගර සභාවට පැමිණිලි රැසක් ද ලැබී තිබෙන බව සඳහන්.