මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.5% කින් අවප්‍රමාණය වී තිබෙනවා.
එසේම ගතවූ මාස 11 තුළ රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4961.8 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.
එම කාලයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 325.6 දක්වා අඩුවී තිබෙනවා.
මේ අතර 2024 අවසන් වන විට රුපියල් බිලියන 28,738 ක් වූ මධ්‍යම රජයේ ණය මේ වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 29,675 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා වල වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

