වයඹදිග නයිජීරියාවේ පිහිටි ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම ඉලක්ක කර ගනිමින් “බලවත් හා මාරාන්තික ප්‍රහාරයක්” දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ප්‍රධාන වශයෙන් අහිංසක ක්‍රිස්තියානීන් ඉලක්ක කර ගනිමින් සහ දරුණු ලෙස ඝාතනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසයි ට්‍රම්ප් ඔවුන්ව හඳුන්වා ඇත්තේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නයිජීරියානු විදේශ අමාත්‍ය යූසුෆ් මයිටාමා ටග්ගර් සඳහන් කර ඇත්තේ මෙය හුදෙස් ත්රස්තවාදීන් පමණක් ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බවත්, විශේෂිත ආගමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
නොවැම්බර් මාසයේදී ට්‍රම්ප්, ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා නයිජීරියාවේ ක්‍රියාමාර්ග සඳහා සූදානම් වන ලෙස එක්සත් ජනපද හමුදාවට නියෝග කරනු ලැබුවා.
කෙසේවෙතත් ඔහු එහි දී ප්‍රහාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් කළේ නැහැ.

