වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන් විසිදෙලක්ෂය ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව විසිදෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 510,133ක් ලෙස දැක්වෙනවා.

එසේම බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403කු ද පැමිණ තිබෙනවා.

මේ අතර දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 154,609 දෙනෙකු ලෙස සටහන් වනවා.