මෙදා නත්තලේ දී පීඩාවට පත්වූවන්ගේ සිත් පාරවන ක්‍රියා නොකර, අතහැරීමේ සතුට සමරන්න. සියළුදෙනා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
සිය නත්තල් සුබ පැතුම් පණිවිඩය නිකුත්කරමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක් කළ සුබ පැතුම් පණිවිඩය පහතින්.
එඬේරුන් අතර අපේ ගැලවුම්දායකයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් අපට ලොකු පණිවිඩයක් ලබා දෙනවා දෙවියන් වහන්සේත් තෝරා ගන්නේ මනුෂ්‍යයා සිතන ආකාරයේ ගෞරවය සහ භක්තිය නෙවෙයි දෙවියන් වහන්සේ තෝරා ගන්නේ උන්වහන්සේට අවශ්‍ය ආකාරයට උන්වහන්සේ මනුෂ්‍ය සංහතියට දක්වන ආදරය පිළිබිඹු කරන වඩාත්ම අසරණ දිළිඳු ජීවිතයක් තුළ උන්වහන්සේ බිහිවීම තුළයි. උන්වහන්සේ මේ තෝරා ගැනීම විශේෂයෙන්ම කරන බව සුවිශේෂකවරුන් සඳහන් කරන්නේ උන්වහන්සේ ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරා උන්වහන්සේගේ උපතේ සිට මරණය දක්වා. මනුෂ්‍ය පුත්‍රයාණන්ට ලගින්නට ස්ථානයක් නැහැයි උන්වහන්සේ ප්‍රකාශ කළේ උන්වහන්සේට ස්ථාවර ස්ථානයක් තිබුණේ නැහැ. සියල්ලන්ගෙන්ම අපට මතක් කරල දෙන්නේ මේ නත්තල කියන්නේ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාණන්ගේ ගැලවුම්කරුවා මෙලොවට පැමිණිමේ අවස්ථාව සිදුවන්නේ මෙන්න මේ වගේ දිළිඳු අසරණ යන්න එන්න තැනක් නැති අන්න ඒ වගේ පරිසරයකයි. මෙයින් අපට පෙන්නුම් කරන්නේ නත්තල කියන්නේ බැහැපත්කමේ මංගල්‍යයක් ලෙසයි. හුඟක් පරිස්සම් වෙන්න ඕනේ විශේෂයෙන්ම අද වගේ ශ්‍රී ලංකාව තුළ භයානක කුණාටුවක් ඇවිල්ලා විනාශයක් සිදුවෙලා පවුල් දාහක පමණ උදවිය තමන්ගේ නැතිවූ ඥාතීන් වෙනුවෙන් දුක් වෙන වෙලාවෙ ඒවගේම තමන්ගේ ගේ දොර ඉඩකඩම් අහිමිවෙලා ගසාගෙන ගිය අනාථ කඳවුරුවල ජීවත්වන මිලියන දෙකක පමණ ජනගහනයක් පීඩාවට පත්වෙච්ච වෙලාවේ අපිට නත්තල් උත්සවය සතුටේ මංගල්‍යයක් ලෙස ගතකරන්න අවශ්‍යයි කියලා ඒ අයගේ සිත් පාරක් නැති ආකාරයට අපි එය කළ යුතුයි. වෙළඳ ආර්ථිකය නත්තල ආර්ථිකය සාමාන්‍යයෙන් කෑම බීම ඇඳුම් පැළඳුම් රතිඤ්ඤා ඒවගේම මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය යි කියන නොයෙකුත් දේවල් වලින් උපරිම මට්ටමෙන් සතුටක් ලබා ගැනීමේ මංගල්‍යයක් ලෙස සිදු කරන්නට, යෝජනා කරන්නට කටයුතු කරලා තියෙනවා අපි ඒ වගේ සතුටු වෙන එකේ වරදක් නැහැ. සතුටුවෙන්න එපැයි කියලා කියනවා නෙමෙයි. නමුත් අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ අපි අතර ජනිත වුණේ මෙන්න මේ වගේ පරිසරයක අපිට යම් පනිවිඩයක් දෙන්නම්. ස්වාමීන් වහන්සේට ළඟින්නට තැනක් නැහැයි කියපු නිසා අපි නත්තල දිළිඳුන් අතර දිනිඳුන් වෙනුවෙන් විශේෂයෙන් පීඩාවට පත්වුවන් ගැන සිතමින් ගත කරන්නට අපි යොමු විය යුතුයි. මේ නත්තලේ දී මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ පීඩාවට පත්වෙච්ච අයගේ සිත් පාර වන්නේ නැතිව පුළුවන් තරම් අයට උපකාරී වෙමින් ඒ වගේම තමන්ගේ අසල්වාසීන් අතර ඉන්න දිළිඳු දරුවන් ලෝකේ ජීවත් වෙන දිළිඳුන් වෙනුවෙන් යම් යම් පරිත්‍යාගයන් කරමින් ඒ අතහැරීමේ සතුට භුක්ති විඳින ලෙසයි. අතහැරීම තුලින් අතහැරලා තවත් කෙනෙකුගේ සිත පිනවන ආකාරයට කටයුතු කිරීම තුළින් ලැබෙන සතුට ඒ සතුට මුදල්වලට සල්ලිවලට ගන්න බැහැ. ඒ නිසා ඒ සතුට අත්පත් කරගෙන නත්තල ගත කරන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ රටේ ඇතිවෙලා තියෙන ව්‍යසනය නිසා අපි බෙදීම්වලට යන්නේ නැතිව සහෝදරත්වයෙන් යුක්තව අපි සියලු දෙනා එකට එකතු වෙලා එකමුතුව මේ රටේ ආගම් අදහන හැමෝම ඒ වගේම මේ රටේ විවිධ ජාතීන් විවිධ භාෂාන් කතා කරන සියලු දෙනා සහෝදරත්වයන් අත්වැල් බැඳගෙන අපි කටයුතු කරමු. අන්න එහෙම කළොත් අපිට මේ නත්තලේ දී පමණක් නොවේ ඉදිරියේදී 2026 වසරේදීද අපට ඉතාමත්ම සතුටුදායක නත්තලක් සහ නව වසරක් ගත කරන්නට අවස්ථාව ලැබේවි. ඒ අවස්ථාව ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.”

